වර්නියර් කැලිපරය (Vernier Caliper)

Vernier Caliper

වර්නියර් කැලිපරයේ භාවිත

  යම් වස්තුවක ඝණකම, බාහිර විශ්කම්භය වැනි පිටත මිනුම් ලබාගැනීමට පිට හනු භාවිතා කරයි. Measuring thickness using Vernier Caliper
  කුහරමය වස්තුවක අභ්‍යන්තර විශ්කම්භය වැනි මිනුම් ලබාගැනීමට ඇතුළු හනු භාවිතා කරයි. Measuring Internal Diameter using Vernier Caliper
  ගැඹුර මැනීම සදහා ඒ සදහා ඇති කූර භාවිතා කරයි. Measuring Depth using Vernier Caliper

වර්නියර් පරිමාණ සහිත උපකරණ භාවිතයෙන් මිනුම් ලබා ගැනීම

වර්නියර් කැලිපරයක, වර්නියර් පරිමානය(Vernier scale) සහ ප්‍රධාන පරිමාණය(Main scale) නම් පරිමාන දෙකක් පවතී. මෙවැනි පරිමාණ දෙකක් මගින් කුඩා මිනුම් ලබාගැනීමට හැකි වන්නේ කෙසේදැයි සලකා බලමු.

වර්නියර් පරිමාණයක් යනු ප්‍රධාන පරිමාණය මත චලනය කල හැකි පරිමාණයක් වන අතර එය බෙදා ඇති කොටසක දිග ප්‍රධාන පරිමාණ කොටසක දිගට වඩා ස්වල්ප ප්‍රමාණයකින් කුඩාය. උදාහරණ ලෙස 1 mm කොටස් සහිත ප්‍රධාන පරිමාණයක් සහ 0.9 mm කොටස් සහිත වර්නියර් පරිමාණයක් රූපයේ දැක්වේ. මෙහි වර්නියර් පරිමාණ කොටස් 10 ක් ප්‍රධාන පරිමාණ කොටස් 9 ක් සමග සමපාත වේ.

Vernier Caliper Scales

මෙම රූප සටහන අනුව වර්නියර් පරිමාණ 1 සලකුන සහ ප්‍රධාන පරිමාණ 1 mm සලකුන අතර පරතරය සමාන වන්නේ,


ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග = 1 mm – 0.9 mm
  = 0.1 mm

මේ අනුව වර්නියර් පරිමාණ 1 සලකුන සමග ප්‍රධාන පරිමාන 1 mm සලකුන සමපාත කිරීමට අවශ්‍යනම් ඒ සදහා වර්නියර් පරිමාණය 0.1 mm දුරක් චලිත කල යුතු බව පැහැදිලි වේ.


එසේම වර්නියර් පරිමාණ 2 සලකුන සහ ප්‍රධාන පරිමාණ 2 mm සලකුන අතර පරතරය සමාන වන්නේ


ප්‍රධාන පරිමාණ කොටස් 2 ක දිග - වර්නියර් පරිමාණ කොටස් 2 ක දිග = 2(ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග)
  = 2(1 mm – 0.9 mm)
  = 0.2 mm

එනම් වර්නියර් පරිමාණ 2 සලකුන සමග ප්‍රධාන පරිමාන 2 mm සලකුන සමපාත කිරීමට අවශ්‍ය නම් ඒ සදහා වර්නියර් පරිමාණය 0.2 mm දුරක් චලිත කල යුතු බව පැහැදිලි වේ.

මේ අනුව පැහැදිලි වන්නේ මෙම උපකරණයේ වර්නියර් පරිමානය චලිත කර කියවිය හැකි අවම දුර ප්‍රමානය 0.1 mm හෙවත් ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග වේ. මෙම දිග වර්නියර් උපකරණයක කුඩාම මිනුම ලෙස හදුන්වයි.


කුඩාම මිනුම = ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග

වර්නියර් පරිමාණ සහිත උපකරණවල ප්‍රධාන පරිමාණ කොටසක දිග, වර්නියර් පරිමාණයේ කොටස් සංබ්‍යාවෙන් බෙදීමෙන් ද කුඩාම මිනුම සොයා ගත හැක.

වර්නියර් පරිමාණ 6 කොටස ප්‍රධාන පරිමාන 6 mm සමග සමපාත අවස්ථාවක් සලකමු.

Vernier Caliper Scales

මේ සදහා වර්නියර් පරිමාණය චලිත කල යුතු ප්‍රමාණය = AB
  = AC - BC
  = ප්‍රධාන පරිමාණ කොටස් 6 ක දිග - වර්නියර් පරිමාණ කොටස් 6 ක දිග
  = 6(ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග)
  = 6 x කුඩාම මිනුම
  = 0.6 mm
මෙය සාධාරණව මෙසේ ලිවිය හැක,
  = සමපාත වර්නියර් කොටස් සංබ්‍යාව x කුඩාම මිනුම

වර්නියර් පරිමාණයකින් පාඨාංකයක් ලබාගන්නා පහත සදහන් අවස්ථාව සලකමු.

Vernier Caliper Scales

පාඨාංකය = වර්නියර් පරිමාණය චලිත කල ප්‍රමාණය
  = AC
  = AB + BC
  = AB + ( BD - CD )
  = AB + (ප්‍රධාන පරිමාණ කොටස් 4ක දිග - වර්නියර් පරිමාණ කොටස් 4ක දිග )
  = AB + 4(ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග)
  = AB + 4 x කුඩාම මිනුම
  = 2+ 4 x 0.1
  = 2.4 mm
මෙය සාධාරණව මෙසේ ලිවිය හැක,
  = ප්‍රධාන පරිමාණ පාඨාංකය + සමපාත වර්නියර් කොටස් සංබ්‍යාව x කුඩාම මිනුම

පාඨාංකය = ප්‍රධාන පරිමාණ පාඨාංකය + සමපාත වර්නියර් කොටස් සංබ්‍යාව x කුඩාම මිනුම

වර්නියර් කැලිපරයක මූලාංක වරද

වර්නියර් කැලිපරයක හනු ස්පර්ශව පවතින විට පරිමාණ දෙකෙහි ශුන්‍ය ලකුනු සමපාත වී තිබිය යුතුය. එනම් පාඨාංකයක් නොදැක්විය යුතුය. මෙය මෙසේ සිදු නොවන උපකරණවලට මූලාංක වරදක් ඇතයි කියනු ලැබේ. මෙම දෝශය පාඨාංකයට එකතුකිරීමට සිදුවේ නම් උපකරණයට ධන මූලාංක වරදක්ද, අඩුකිරීමට සිදුවේ නම් උපකරණයට ඍන මූලාංක වරදක්ද ඇතැයි කියනු ලැබේ.

ඍන මූලාංක වරද

මෙහිදී හනු ස්පර්ශව පවතින විට පාඨාංකයක් පෙන්වයි. එම අගය මිනුමක් ලබාගන්නා විට පෙන්වන පාඨාංකයෙන් අඩුකල යුතුය.
උදාහරණ ලෙස, හනු ස්පර්ශව පවතින විට පරිමාන පහත පරිදි පිහිටන උපකරණයක් සලකමු.

Vernier Caliper Scales

මූලාංක වරද = පරිමානය පෙන්වන පාඨාංකය
  = AB
  = AC – BC
  = ප්‍රධාන පරිමාණ කොටස් 4ක දිග - වර්නියර් පරිමාණ කොටස් 4ක දිග
  = 4(ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග)
  = 4 x කුඩාම මිනුම
  = 4 x 0.1
  = 0.4 mm

මෙය සාධාරණව මෙසේ ලිවිය හැක,

ඍන මූලාංක වරද = සමපාත වර්නියර් කොටස් සංබ්‍යාව x කුඩාම මිනුම
මෙම වරද අවසාන පාඨංකයෙන් අඩුකිරීමට සිදුවේ.

ධන මූලාංක වරද

හනු ස්පර්ශව පවතින විට පරිමාණ දෙකෙහි ශුන්‍ය ලකුනු සමපාත නොවී,වර්නියර් පරිමාණයේ ශූන්‍ය ලකුන හනු දෙසට නැඹුරුව ඇති විට පෙන්වන අගය මිනුමක් ලබාගන්නා විට පාඨාංකයට එකතුකල කල යුතුය.
උදාහරණ ලෙස හනු ස්පර්ශව පවතින විට පරිමාණ පහත පරිදි පිහිටන උපකරණයක් සලකමු.

Vernier Caliper Scales

මූලාංක වරද = පරිමානය පෙන්වන පාඨාංකය
  = AB
  = AC – BC
  = වර්නියර් පරිමාණ කොටස් 4ක දිග - ප්‍රධාන පරිමාණ කොටස් 3ක දිග
  = (වර්නියර් පරිමාණ කොටස් 4ක දිග - ප්‍රධාන පරිමාණ කොටස් 4ක දිග) + ප්‍රධාන පරිමාණ කොටසක දිග
  = -(ප්‍රධාන පරිමාණ කොටස් 4ක දිග - වර්නියර් පරිමාණ කොටස් 4ක දිග) + ප්‍රධාන පරිමාණ කොටසක දිග
  = -4(ප්‍රධාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග) + ප්‍රධාන පරිමාණ කොටසක දිග
  = -4 x කුඩාම මිනුම + ප්‍රධාන පරිමාණ කොටසක දිග
  = ප්‍රධාන පරිමාණ කොටසක දිග -4 x කුඩාම මිනුම
  = 1 - 4 x 0.1
  = 0.6 mm

මෙය සාධාරණව මෙසේ ලිවිය හැක,

ධන මූලාංක වරද = ප්‍රධාන පරිමාණ කොටසක දිග - (සමපාත වර්නියර් කොටස් සංබ්‍යාව x කුඩාම මිනුම)
මෙම වරද අවසාන පාඨංකයට එකතු කිරීමට සිදුවේ.
Vishwa Ranganath | admin@PhysicsLanka.com | +94 77 2078816